ඉපදුන රටට අදහන ආගමට                               සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක්      නොකොට
පැටවුණ බරක් මෙන් ලංකා පොලොව                  පිට
පසුවන එක හොඳද? සිංහල පුතෙකු                      හට

එස්. මහින්ද හාමුදුරුවෝ මේ කවිය රචනා කළේ රට, ජාතිය පරිහානියට පත් වෙලා තිබුණු යුගයක එය ගොඩ ගැනීමට සිංහල පුතෙකු හට ඇති වගකීම පසක් කරලන්නටයි. මේ යුතුකම හරිහැටි ඉටුනොවූ නිසාවෙන් අද දවසේ සංස්කෘතිය සීග්‍ර ලෙස පරිහානියට පත්වෙමින් පවතිනවා. වසර 30000ක් පුරාවට සිංහල ජාතිය ලොව අන් හැමටම වඩා ඉහළින් තැබුවේ අපේ අදීන සංස්කෘතියයි.


ඉතින් නංගී. මල්ලී. සිංහල ජාතිය ගොනුකොට තැබූ මේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියේ පරිහානිය අද දවසේ සිංහල ජාතියේ, අපේ මවුබිමේ ඵෙතිහාසික අවාසනාවක් බවට පත්වී තිබෙන බැවින් අප නොපමාව එය සුරැකීමේ කාර්යයට උරදිය යුතු වෙනවා. වසර දහස් ගණනක් ලෙයින්, යකඩින්, ගලින්, රනින් ලියැවුණු ඉතිහාසයක් සහිත ජාතියකට එය අපහසු කරුණක් විය නොහැකියි.

මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා තමයි සිංහල සංස්කෘතික සංගමය අද දින මොරටුව සරසවිය තුළ ක්‍රියාත්මක වන්නේ. මොරටුව සරසවිය තුළ සිටින සහ ලොව නන් දෙස විසිරී ජීවත්වන ජාතියේ බුද්ධිමත් දරු කැළ වන ඔබට මෙම සත් කාර්යයට උරදීමට අප හා එක්වන මෙන් සිංහල සංස්කෘතික සංගමය ආරාධනා කරනවා.